Click to set custom HTML
|
කවිය
කවිය යනු හුදෙක් භාෂාත්මක ප්‍රකාශයක් බව අපි සියළු දෙන ම පිළිගනිමු. එය නිරවුල් මෙන් ම රසවත් හරවත් විය යුතු බව ත් අපි දනිමු. එසේ හෙයින් අප හෙළ බස මැනවින් දත යුතු ය. බස නිරවුල් ව හැසිර විය හැකිනම් අගනා කවියක් ලිවී ම අරුමයක් නොවන වග මට වඩා ඔබ සැම දන්නා බව මම දනිමි. අකුරු විණිස පමණක් නො ව අනිකුත් වියරණ අංගත් මැනවින් දත යුතු ය. අකුරු විණිස තරමක් සංකීර්ණ වන නමුත් වාක්‍ය යෝජනය ඉතා පහසු දෙයකි. අපි මේ පිළිබද ව පසු ව විවරණයක් කරමු!! නිවැරැදි බසින් රසවත් කවි ඉබේටම ගොඩ නැගේ.
ඒ සමග ම කවි තැනීමේ දී අනුගමනය කළ යුතු සිද්ධාන්ත සහ රීති පිළිබද අවබෝධය අත්‍යවශ්‍ය සාධකයකි. යවහන්, (දසමහ) දොස්, ගුණ, අලංකාර, රීති ආදිය පිළිබද ව අපේ දැනුම ඉතාමත් වැදගත් ය. ලොව කවර බසින් කවි ලියුව ද මේ කරුණු විවිධ වශයෙන් සලකා බැලේ. එවිට යි රසවත් කවියක් නිර්මණය කළ හැකි වන්නේ.
මේව පිළිබද ව විවිධ අර්ථ විග්රහයන් ඇත ත් ඉහත අංගයන්ගෙන් බැහැර වූ ප්‍රකාශයක් කවියක් නොවන්නේ ම ය. බොහෝ කොට අපි කිවි ලෙස දකින්නේ රස හීන, දුබල අසම්පූර්ණ ප්‍රකාශයන් ය. කලබලෙන් කවියෙක් වෙනවාට වඩා දැන ගියොත් කතරගමයට ම යා හැකි ය. එක රැයින් තරු හැදෙන රටේ අපිට විතරක් බැරි මොකද? මුළු රටට ම විනයක් නැති විට කවියට කුමටද විනයක්!!!
අපි එසේ නොසිතමු!! කවිය මැනවින් උගනිමු!! තොටගමු රහල් පරපුරේ අපි හෙට රස කවි ලියමු!!!

ය.ව.හ.න්. දෝෂය
ය.ව.හ.න්. දෝෂය සංස්කෘත කාව්‍ය ශාස්ත්රයේ දකින්නට නොමැත.එය සිදත් සඟරාව තුලින් පමණක් දැකිය හැකි කව්ය දෝෂයකි. මේ අක්ෂර හතර පදනම් වනුයේ අර්ථ ශූන්‍ය අක්ෂර ලෙසටය.එම නිසා කවියක අවසන් එළිසමයට මෙම අක්ෂර යෙදේ නම් එහිදී ඊට පෙර යෙදෙන අක්ෂරය පද හතරේම සමාන විය යුතුය.එසේ නොවේ නම් එකී කවිය මෙම දෝෂයෙන් යුක්තය.පද දෙකක හෝ තුනක පමණක් මෙම දෝෂය මග හැරීම සෑහෙතැයි කීවද එය නිවැරදි නොවේ.සමහරු මෙලෙස යවහන් වල නොපිහිටා කාව්‍ය රචනා කිරීමෙන් වස් වදිතැයි හුදු කට වහරේ භාවිතා කළ ද, එහි යතාර්ථය නම් ය.ව.හ.න් යන අක්ෂර සිංහල භාෂාවේ අරුතක් නොදෙන අක්ෂර ගනයට අයිති වන හෙයිනි. එබැවින් ඔබ නිත්‍ය සිංහල කාව්‍ය රචනයේ යෙදෙන්නෙකු නම් මෙය සිහි තබා ගනුම මැනවි.( පොත පත ඇසුරිනී)
"සදොස් වූ එකද ශබ්දයක් වත් කාව්‍යයෙහි නො-යෙදිය යුතු ය."

මින් අදහස් වන්නේ කුමක් ද? කාව්‍යයෙහි එන වදන් සහ අරුත් දෝෂවලින් වියුක්ත විය යුතු ය. එමෙන් ම ඒවා කාව්‍යයට අලංකාර ලෙස යොදා ගත යුතු ය. අලංකාරවත් ලෙස යොදාගන්නා ශබ්ද නිසා කවියට මනා සෞන්දර්ය ගෙනෙ යි. වාර්තා ස්වරූපයෙන් තොර ව ව්‍යංගයෙන් එනම් වක්‍ර ව සෞන්දර්ය පිරුණු ශබ්දාර්ථ සංකලනය කාව්‍යය වශයෙන් ගැනි ය හැකි ය. කාව්‍යයේ එන මේ විශේෂත්වය නිසා ම කාව්‍ය නිර්මාණය කෙතරම් දුෂ්කර ද යන වග වටහා ගත යුතු ය. මේ පිළිබද ව සංස්කෘත කාව්‍ය අලංකාර ශාස්ත්රයේ එන ප්‍රකට කියමනක් මම මෙහි උපුටා දක්වමි.
"මෝඩයෙකුට වුව ද ගුරු ඇසුරින් ශස්ත්‍රය හැදෑරීමට පුළුවන. එහෙත් කවිත්වය ලැබිය හැකි වන්නේ ප්‍රතිභා සම්පන්න කලාතුරකින් කෙනෙකුට පමණෙකි."
කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නවුන් විසින් වියරණ, ඡනදස්, භාෂාත්මක ප්‍රයෝග, අර්ථ හා විවිධ කලාවන් හැදෑරිය යුතු ය. බස පිළිබද වූ දැනුම දියුණු කරගන්නා අතර ම වෙනත් උසස් කාව්‍ය නිර්මාණ කියවී ම සහ විග්රහ කිරී ම ද අත්‍යවශ්‍ය කරුණකි. උසස් කවීන් ඇසුරු කිරී ම හා උසස් කාව්‍ය පරිශීලනය කිරී ම යනුවෙන් ගැනෙන්නේ අභ්‍යාස කිරීම යි. නැවත නැවතත් අභ්‍යාස කිරීමෙන් වඩා රසවත් කාව්‍ය නිර්මාණය කිරීමට අවස්ථාව සැළැසෙ යි.
(ඇතැම් කවි පිටුවල එන හරසුන් විචාර කියවීමෙන් පමණක් කවිත්වය පසක් කළ හැකි නො වේ. අව ම වශයෙන් බොහෝ ඒවායේ නිවැරැදි ගද්‍ය වැකියක් වත් දක්නට නැත.) (බණ්ඩාර හේරත්)
"වෘත්ත රසය පළමු කොට පුරුදු කැරැවීමෙන් අවැඩෙක් වේ ද?"
*************************
"වෘත්ත රසය පළමු කොට පුරුදු කැරැවීමෙන් අවැඩෙක් වේ ද?"
"වෙයි. අර්ථ ශූන්‍ය ප්රලාපයක් වෘත්තයට නැඟීම අර්ථ රසයෙන් පිරුණා වූ ගද්‍ය වාක්‍යයක් ගෙතීමට වඩා පහසු යැ. මුලැ දී මැ වෘත්ත රසයට පුරුදු වූයේ එහි මැ නවතී. ඔහු අර්ථ රසය දෙසට හැරවීම කන්දක් එසැවීමට ද වඩා අමාරු වෙයි. වරද්ද-වරද්දා වෘත්තයට නැගූ අර්ථ ශූන්‍ය කියුම් පත්‍ර සංග්රහාදියෙහි පළ කරවා මහා කවිත්වය හඟවන, දිග විරුද නාම තමන් මැ පට බැඳැ-ගන්නවුන් දැන් බෝ වන්නේ මේ වැරදි කොනින් පටන්-ගැන්ම නිසා නොවේ ද?"
කවි ශික්ෂාව - කුමාරතුංග මුනිදාස - 1939 - 72 පිට

කවිත්වය
'කවි' යන්න කාව්‍යය, කාව්‍ය රචකයා, උගත් පුද්ගලයා, ප්‍රතිභාවෙන් යුක්ත පුද්ගලයා යන අරුත්හි යෙදේ. කවිත්වය යනුවෙන් ගැනෙන්නේ එකී තත්ත්වය යි.
"නරත්වං දුර්ලභං ලොකෙ - විද්‍යා තත්ර සුදුර්ලභා
කවිත්වං දුර්ලභං තත්ර - ශක්තිස්තත්‍ර සුදුර්ලභා"
... අග්නිපුරාණය..
(මිනිසත්බව ලෝකයෙහි දුර්ලභ ය. එහිදු විද්‍යාව අතිශය දුර්ලභ ය. එහිදු කවිත්වය දුර්ලභ ය. එමෙන් ම කවි ශක්තිය අතිශය දුර්ලභ ය.) යන්නෙන් කවිත්වය අතිශයින් දුර්ලභ බව කියැ වේ.

සිව්පද / සීපද / හීපද කවි
සිව්පද යන්නෙහි මූලික අරුත වන්නේ සතර පාද යන්න යි. එනම් පාද හතරකින් යුතු කවිය යන්න යි.
පාද හතරේ ම සමාන එළියක්, විරාම සහ සමාන මාත්‍රා සහිත වීමෙන් යුක්ත විය යුතු ය. සිව්පද කාව්‍ය එළිසම සහිත හෝ රහිත හෝ විය හැකි ය. මාත්‍රා දෙකේ සිට පණස් දෙක දක්වා පමණ වූ සිව්පද සිංහලයේ දැකිය හැක එළුසඳැස්ලකුණ දක්වන්නේ දිග ම සිව්පද විරිතට මාත්‍රා විසිඅටක් ඇති බව ය. එහෙත් පසුකාලවල දී ඊට වඩා මාත්‍රා සහිත සිව්පද ලිය වී තිබේ. නිදසුනක් ලෙස රාජසිංහ සිරිත නම් ප්රශස්ති කාව්‍යයේ මාත්‍රා පණස් දෙක බැගින් වූ සිව්පද විරිතක් දැකිය හැකි වෙ යි.
"ගණ සකි සම කිසි - එම මත් සම කරත් හොත්
සම එළි විරම් පද වුව - සිව්පද නමැයි දන්නේ" - එළුසඳැස්ලකුණ-
(කිසියම් වෘත්තයක් ගණ වශයෙන් හෝ වර්ණ වශයෙන් හෝ විෂම වුව ද, ඒ වෘත්ත මාත්‍රා සමකොට කරතොත්, එසේ ම සමාන වූ එළී හා විරාම හා පාද වුවොත් සිව්පද නමැයි දත යුතු.)
ගැමි වහරේ සිව්පද හැඳින්වෙන්නේ සීපද, හීපද යනුවෙනි. ඇතැම් විට එළිසමයෙන් බැහැර වූ සිව්පද කව් ද ජන වහරේ එයි.
*****
එළීසමය සහ එළිවැට යනුවෙන් ගැනෙන්නේ එකක් විනා දෙකක් නො වේ. මුල, මැද, අග යෙදෙන එළීවැට හෝ එළිසමය.
"එළිසමය යනු එළියේ ඇති ආගම" - (සමය = ආගම) දක්වති. මෙ කෙතරම් අව්‍යක්ත කියමනක් ද?
සමය යනු සමාන වීම යි. ආගම නො වේ.
(සංවාදයට විවෘත යි.

නිදහස් කාව්‍ය (නිසඳැස්)
නිදහස් කාව්‍ය / නිසඳැස් කාව්‍ය
(ඡන්දසින් තොර වූ කවිය)
සිංහල කාව්‍ය සාහිත්‍යට අලුත් ආකෘතියකින් යුතු පද්‍ය ක්‍රමයක් ජී. බී. සේනනයක මහතා විසින් 1949 දී හදුන්වා දෙනු ලැබී ය. ඔහුගේ පළිගැනීම නම් කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් කළ ඒ ආකෘතිය විචාරකයන් විසින් හදුන්වා දෙනු ලැබූයේ "නිසඳැස් කාව්‍ය" යන නමින් ය. පළිගැනීම කෙටිකතා සංග්‍රහයේ ම තැනෙක සේනානායකයන් විසින් එකී පද්‍ය ආකෘතිය හඳුන්වා දෙනු ලැබූයේ " මේ පොතේ පද්‍යාවලීන්ගේ විලාසයෙන් එන නිබන්ධ මම සලකන්නේ ගද්‍යට ද පද්‍යට ද අතර වන නිබන්ධ විශේෂයක් වශයෙනි. ඒවා කියවිය යුත්තේ ගද්‍ය කියවන ලෙසය; එහෙත් කියවීමේ දී ශබ්ද සංඝටනාවෙහි මාධුර්යය කෙරෙහි දක්වන සැලකිල්ල ගද්‍ය කියවීමේ දී ඒ අරබයා දක්වන සැලකිල්ලට වැඩි විය යුතු ය." ලෙස ය.
වෘත්ත, අනුප්රාස, එළිසමය ආදී සිද්ධාන්ත අනුගමනය නො කෙරෙන අතර ශිල්පීය වශයෙන් පවතින කිසිදු රීතියක් භාවිත නො කොට කාව්‍යානුභූතියක් පමණක් ඉදිරිපත් කිරීම ය.
ඉන් පසු කාලයේ දී සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, මහගම සේකර ආදී කවීහු මේ කාව්‍ය ආකෘතිය යොදා ගනිමින් කාව්‍ය රචනා කළහ. මේ ආකෘතිය නිදහස් කාව්‍ය ලෙස මුල් කාලයේ හැඳින්වුව ද ජනප්‍රිය වූයේ නිසඳැස් කාව්‍ය නමින් ය.
"කීයද උඹ මිල කීයද
දෙන්නට ඔබ සිත නැමෙන සිඟිත්තට
මා ඔබගෙයි
මා ගෙලවට ඔබ
දම් වැල වෙයි
සුලු මුදලක් දී
ගත හැකි සතුටට
පෙනහැල්ලට දුක්
මොකටද දෙන්නේ..." (මස් ලේ නැති ඇට - සිරි ගුනසිංහ)
ඉංග්‍රීසි සාහිත්‍යයේ එන Blank verse සහ Free verse යන පද්‍ය ක්‍රමය නිසඳැස් පද්‍ය ආකෘතිය බිහිවීමට හේතු වී යැ යි පිළිගැනෙන මතය යි.
෴෴බණ්ඩාර හේරත්෴෴

යතිය හෙවත් විරාමය
යතිය නම් නැවතීම යි. කාව්‍ය පාදයන් එක හුස්මට කියවී ම වෙනුවට පද්‍ය පාදය උචචාරණය තැනෙකින් නවත්වා යම් විරාමයක් (pause) ගනිමින් නවතන අවස්ථාව යතිය වෙ යි. ඇතැම් කාව්‍ය පාදයෙක යති එකක් හෝ කීහිපයක් තිබිය හැකි ය.
රුසිරින් පිරි විලසින් සුර නාලිය ඔබ මැතිණි
සුපසන් ගුණ සුවඳින් යුතු අබිමන නැණ ධරණි
අදරින් දිනු සිසුවන් හද නන්දන කර සිරිනි
නිදුකින් සැප ලබමින් තෙද ඉසුරින් සිරි රමණි
කමල විරිතෙන් බඳනා ලද මේ කවේ මාත්‍රා හයකින් පසු යතිය යෙදේ. වැරදි ලෙස පද බිඳි ම නිසා යති දෝෂ ඇතිවන වග කියැ වේ. ඒ සියබස්ලකරෙහි හැඳින්වෙන්නේ යතිභ්‍රෂ්ට දෝෂ නමිනි.

මාධුර්ය / මධුර බව
මධුරබව හෙවත් මිහිරිබව කාව්‍යයේ උසස් ගුණාංගයෙකි. පුරාණ සංස්කෘත කාව්‍ය සාහිත්‍යයේ ද මාධුර්ය කාව්‍ය ගුණයක් සේ ම කාව්‍යයේ ප්‍රාණය ලෙස ද ගැනිනි.
කාව්‍යයේ මාධුර්ය දෙකකි. ඒ අර්ථ මාධුර්ය හා ශබ්ද මාධුර්යය යි. රසවත් කවක් නම් එහි මේ දෙඅංගය ම සම ව පිහිටිය යුතු ය. එහෙත් ඇතැම් කවියක ඉතා මිහිරි ලෙස ශබ්ද රසය උද්දීපනය වන සේ පද සංයෝජනය මඟින් ශබ්ද මාධුර්ය ගොඩ නගා තිබේ. සැළලිහිණි සංදේශය අඩුවැඩි වශයෙන් මේ දෙඅංගයෙන් ම පරිපූර්ණ කාව්යාකෘතියෙකි.
පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැළණිය පුරවරට
- සැළලිහිණි සංදේශය - 53 කව..

අනුප්රාසය / Alliteration
කාව්‍ය කරනයේ භාවිත වන ප්‍රකට යෙදුමකි. අනුප්රාසය පිළිබඳ ව ඇති අවබෝධය ඉතා රමණීය කාව්‍ය රචනය සදහා ඉවහල් වෙ යි. කාව්‍ය අලංකාරයේ එන ශබ්ද අලංකාරය මතුකරලී ම උදෙසා අනුප්රාසය මහත් සේ උපකාරී වෙ යි. සමාන අකුරු, පද හෝ යෙදුම් සමීපයෙන් යොදා ගැනී ම මගින් ඇති කෙරෙන ශබ්ද මාධුර්ය අනුප්රාසාලංකාරය යි.
පුබුදා පියුම පරදා සඳවතිගෙ වත
විහිදා කිරණ දිනිඳා පෙරඹරින් එත
හැරදා කිළිටි සෝදා සෙනෙහසින් සිත
සැමදා එන්න පිසදා මගෙ කඳුළු නෙත
පුබුදා පියුම පරදා සඳවතිගෙ වත
විහිදා කිරණ දිනිඳා පෙරඹරින් එත
හැරදා කිළිටි සෝදා සෙනෙහසින් සිත
සැමදා එන්න පිසදා මගෙ කඳුළු නෙත
පුනරුක්තිය
පුනර් + උක්තිය = පුනරුක්තිය. පුනර් යනු නැවත යන අරුතින් යෙදේ. උකතිය යන්නෙන් අදහස් වන්නේ කීම යි. නැවත කී ම යන සරල අරුතින් විස්තර කළ හැකි වුව ද කාව්‍ය කරනයේ දී මීට හිමිවන්නේ සුවිශේෂත්වය කි. යම් වචනයක් හෝ යෙදුමක් කාව්‍ය රචනයක එක ම අරුතෙන් නැවත කීප විටක් යෙදී ම පුනරුක්ති දෝෂයට හේතු වෙ යි. ඒ පුනරුත් දොස් ලෙස කියැ වේ. එ මෙන් ම එක ම අරුතක් ඇති වචන නැවත යෙදී ම ද මින් අදහස් කෙරේ. (හිරු, දිනකර, පබාකර ආදී ලෙස) කවියා සතු වාග් කෝෂයේ ඇති පටුත්වය ත් මේ කෙරේ බලපා යි. ඇතැම් ප්‍රවීන කවියෝ පුනරුක්තිය කාව්‍ය අලංකරනයක් සේ ද යොදා ගනිති. එවිට එය පුනරුක්ති අලංකාරයක් සේ ගැනෙ යි. සිංහල ජන කවියා යොදා ගත් පුනරුක්තිය කවියට අලංකරනයක් ලෙස යොදා ගත්තේ ය. ඉන් නැගෙන ශබ්ද ධ්වනිය අනුප්රාසයක් ගෙනදෙ යි.
බලන්න,
සාර සදිසි පෙති පේර නෙළන කල් – වළ ගියදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹපල් නුඹේ දරුවන් පල් – අපි දුටුවේ නැත මේවරයා
කොස්වතු කන්නේ කොස් නෙළනා දා – වළගියදෝ මගේ මේවරයා
නෑනෝ නුඹපල් නුඹෙ දරුවන් පල් – අපි දුටුවේ නැත මේවරයා
මුංවතු කන්දේ මුං කඩනා දා – වළ ගියදෝ මගේ මේවරයා

කහවතු කන්දේ කහ කොටනා දා – වළගියදෝ මගේ මේවරයා

(මේවර කෙළිය)

කාව්‍යාලංකාර
කාව්‍ය + අලංකාර = කාව්‍යාලංකාර
අලංකාර යනු භූෂණය හෙවත් සැරසිල්ල යි. එමෙන් ම සැරසීමට හෝ හැඩ කිරීමට ගන්නා ද්‍රව්‍යය ද අලංකාර ලෙස ගැනේ. කාව්‍යක් සැරසීමට හෝ හෙබවීමට උපයෝගීකොට ගන්නා සිද්ධාන්ත සදහා ද අලංකාර යන නම යෙදේ. කාව්‍ය සදහා පමණක් නො ව වෙනත් සාහිත්‍යාංග ඇසුරෙන් ද අලංකාර යන්න භාවිත වෙ යි.
පළමු වරට අලංකාර විෂය භාවිත වූයේ සංස්කෘත නාට්‍ය කරුවෙකු වූ භරතමුනිගේ ග්රන්ථයක් වූ 'නාට්‍ය ශාස්ත්‍ර' යෙහි ය. එම ග්‍රන්ථයේ අලංකාර ශාස්ත්‍රයට අයත් අංග කීපයක් ම විග්රහ වී තිබේ. එහි කාව්‍ය ගුණ දහයක්, කාව්‍ය දෝෂ දහයක්, කාව්‍ය අලංකාර හතරක්, ලක්ෂණ තිස් හයක් සහ රස සංකල්පයද විස්තර කෙරෙ යි. කෙසේ වුව ද කාව්‍ය 'ශබ්ද' සහ 'අර්ථ' දෙ අංගයේ එකතුවකි. එය අලංකාර මගින් කාව්‍ය ශෝභමාන වන වග පිළිගැනෙන මතය යි. එසේ හෙයින් කාව්‍යාලංකාර යන්න ශබ්දාලංකාර සහ අර්ථාලංකාර වශයෙන් දෙඅංගයයකින් යුකත ය. දන්ඩීන් නම් සංස්කෘත කාව්‍ය විචරකයා අර්ථාලංකාර තිස්පහක් පිළිබද ව දක්වා තිබේ. පසු කාලයේ එයට තවත් අලංකාර එක් වී අලංකාර හතලිස් එකක් දක්වා වර්ධනය විය. වක්‍රෝක්ති හෙවත් වක්‍ර ව කීම වක්‍රෝක්ති අලංකාරය ලෙසත් උචිත බව හෙවත් ඖචිත්‍ය අලංකාරය ද එ අයුරින් භාවිත වී තිබේ. එහි එන අලංකාර අතර උපමා අලංකාරය, රූපක අලංකාරය, දීපක අලංකාරය සහ යමක අලංකාරය යන මූලික අලංකාර සිදධාන්ත ද අඩංගු වෙ යි.
කාව්‍ය සරසන ධර්මතා අලංකාර බව පරණි සංස්කෘත ආචාර්යවරයෙකු වූ දන්ඩීන් කී ය. "කාව්‍ය ශෝභාකරාන් ධර්මානලංකාරාන් ප්රචක්ෂතේ"

උපමාලංකාරය
උපමාව / උපමාලංකාරය
කාව්‍ය කරනයේ නියැලෙන සියළු දෙනා විසින් ම ඉතා මැනැවින් ප්‍රගුණ කළ යුතු අලංකාරයක් සේ ගැනෙ යි. යම් වස්තුවක් වඩා මැනවින් හා සිත්ගන්නා ආකාරයෙන් විස්තර කිරී ම සඳහා තවත් වස්තුවකට සමාන කොට දැක්වී ම උපමාවකින් කෙරෙ යි. මේ ආකාරයට වස්තු දෙකක් සමාන කොට දැක්වී ම සඳහා මෙන්, සේ, වැනි, එව් ආදී උපමා වාචක නිපාත පදයක සම්බන්ධය අත්‍යවශ්‍ය වෙ යි. මෙසේ උපමේයක් හා උපමාවක් නිවැරැදි ව ගැළපී ම කාව්‍යයේ හැඳින්වෙන්නේ උපමා අලංකාරය යනුවෙනි. මෙහි දී සලකා බැලෙන වස්තුව උපමේය වශයෙනුත් සමාන කෙරෙන වස්තුව උපමාව වශයෙනුත් හැඳින් වේ.
"සිසි වන උවන = සඳ වනි මුහුණ, මෙහි සිසි යන්න උපමාව යි. උවන යන්න උපමේය යි."
කාව්‍ය සාහිත්‍යයේ ඉතා ප්‍රකට මෙන් ම ප්‍රධාන කාව්‍යාලංකාරයක් ලෙස ද ගැනෙ යි.
යම් කිසි දෙයක එනම් වස්තුවක ස්වරූපය කීම සඳහා වෙනත් බාහිර වස්තුවක් හා සසඳමින් කී ම සිදුවන අතර උපමාව උපමේයට වඩා උසස් හෝ වටිනාකමින් වැඩි විය යුතු ය.
සැළලිහිණි සන්දේශයෙන් ගත් මේ නිදසුන් පිරික්සන්න..
මෙන්
කැල + එව් = කැලෙව්
දල + එව් = එව්
පුල්මල් කෙසරු මෙන් - රන්වනි තෙලෙන සරණ යුග
සපුමල් කැලෙව් තුඩ මඳ රතිනි මනහර
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර
මලින් කළ රූ එව් - අබැවින් නුබින් එනවර.. 02
සක + අයුරු = සකයුරු
ලිය + එව් = ලියෙව්
සිසි වන උවන ඉඟ සුඟ ගත හැක මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරියුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නො වෙති දෙවඟන ..13
සේ
සිරිසර හිඟුල් විලැ සේ හස වැළෙව් ගන
සුරවර සලෙළ රත ලවනත දළ දුලන
මනහර සඳ වලා පෙළ කෙළවර පෙනෙන
පැහැසර ළසඳ යුවළෙක් ඇත්නම් එමෙන .. 84
මේ ආකාරයට උමේය සහ උපමාව; මෙන්, සේ, එව් වැනි නිපාත පද සම්බන්ධයකින් තොර ව ගළපන අවස්ථා ද තිබේ. ඒ රූපක අලංකාරය යි. (රූපක අලංකාරය මතු දැක් වේ)

රූපකාලංකාරය - Metaphor
රූපකය / රූපකාලංකාරය
කාව්‍යයෙහි ඉතා බහුල ව යොදා ගැනෙන අලංකාරයක් ලෙස සැලකෙන අතර, බොහෝ විට උපමා අලංකාරයට තරමක් සමානව භාවිත වෙයි. එහෙත් උපමා අලංකාරයෙන් රූපක අලංකාරය වෙනස් වන්නේ, රූපකාලංකාරයේ දී උපමාව සහ උපමේය මෙන්, සේ, බදු, වැනි, එව් ආදි නිපාතයකින් සම්බන්ධ නොවෙ යි.
"සඳ වත" යන්නෙහි අරුත සඳක් වැනි මුහුණ යන්නයි. මෙහි සඳ සහ වත යන්න එකක් මිස දෙකක් නො වේ. මේ දෙකෙහි ම ස්වරූපය එක සමාන වන වගක් මින් අදහස් කෙරෙ යි. මෙය ඇතැම් තැනෙක 'වත සඳ' ලෙස ද යෙදෙ යි. "මුව පියුම" = නෙළුම් මලක් වැනි මුහුණ; යන රූපකය ද යෙදෙන්නේ ඒ ආකාරයෙන් ම ය.
සුපසන් වත කමල මදහස නගා නඳ
පිරිපුන් තුනු සිරිය පබවත සදිසි සොඳ
රැහැනින් මිදුණු වරලස සිකිපිළද? බඳ
විගසින් කොහි යනුද? නාලිය සදිසි ලඳ...
෴෴෴බණ්ඩාර හේරත්෴෴

එළිසමය හෙවත් එළිවැට
එළිසමය හෙවත් එළිවැට
නිමිත්ත: කවියට ඇලුම් කරන බොහෝ දෙනෙකු මේ ගැන නතර විමසන හෙයින් ඉතා කෙටියෙන් ඒ ගැන ලිවීමට අදහස් කරමි. (දිනක් එක් නාමධාරී කවියෙකු කවියේ යෙදෙන එළිසමය පිළිබඳ ව ඇසූ කල දුන් ඉතා අපූරු පිළිතුරක් මට තාමත් සිනහ උපදව යි. ඔහු කීයේ එළියේ ඇති ආගම = සමය, එළිසමය වන බව යි. කවියෙ ආගම එළි සමය වග ඔහු කී ය. ඒ සමග ම ඔහු එළිසමය වෙනුවෙන් යෙදෙන එළිවැට යන පර්යාය පදයෙන් අදාහස් වන්නේ කවියේ මුළින් හෝ මැදින් යෙදෙන එළිය බව දි කී ය. එය වැටක් වන බව ද කී අතර ඔහුගේ අනුගාමිකයෝ අදත් ඒ වැරදි වහර වහරති.)
එළිය
එක - එකට සමවන
දෑ යම් තැනෙකැ වත හොත්
එ තැන හොඳ එළියක්
ඇතැ යි ලෝ වහරැ එන තෙපුලෙකි. ෴ විරිත් වැකිය ෴ කුමරතුඟු මුනිදසුන්
එළීසමය
ගැයි පද සතරෙහි ම
අගැ අකුර වී නම් සම
එයට එළි සම නම
කියති විරිතට එයින් නැත කම .. ෴ විරිත් වැකිය ෴
එළිසමය; මින් අදහස් වන්නේ කුමක් ද? යෙදෙන්නේ කෙළෙස ද? ඒ හා බැඳුණු රීති මොනවාද? මේ එළිසමය පිළිබඳ ව විමසන විට නිතර ඇසෙන ප්‍රශ්න කීපයකි.
එළිවැට පිළිබද ව කතාකිරීමේ දී මූලිකව ම කිවයුතු කරුණ වන්නේ විරිත් කවිය සදහා එළිවැට අත්‍යවශ්‍ය නො වන බව යි. එනම් එළිය ඇති ව හෝ නැති ව විරිත රැකිය හැකි බව යි. එළිසම වී ම කවියේ ශබ්දාලංකාරයට හේතු වෙ යි. එළිසමය ශබ්දාලංකාරයකි.
'නැති ව එළි සමයක්
රසකව් මැවිය හැකි වේ
හුරුව හෙළ ගුරු මග
ලියන් මැනවින් රුවින් සිත් සේ'.. ෴ මහ පියුම් විරිත෴
නියම පද පිළිවෙළක් සහිත ව සිව්පද කවියෙක අග අකුර එක සමාන ව පද හතරේ ම යෙදී ම එළිසමය ලෙස සැලකේ. එහෙත් එළි සම කිරී ම සදහා අරුත් සුන් පද ගැළපී ම හෝ නිවැරැදි නො වන වියරණ විරෝධී පද භාවිත කිරීමෙන් කව් රසය නැසෙන බව පිළිගැනෙන මතය යි. ලුහු අකුරක් නම් පද හතරේ ම අකුරු ලුහු විය යුතු සේ ම ගුරු අකුරක් යෙදේනම් සියල්ල ම ගුරු ම විය යුතු වෙ යි. විරිත රැකීම සදහා හෝ එළිය රැකී ම සඳහා සක්ක පද යෙදීම ද නොකළ යුතු ය.
ආධුනික සහ ඇතැම් ප්‍රවීන කවීන් පවා එළිය රැකී ම වෙනුවෙන් නොගැළපෙන වචන යොදා ගැනී ම බොහෝවිට කර යි. ඉන් එළිය පමණක් රැකෙන මුත් සාරවත් කවි සිතුවිල්ලක් බිහි නොවෙ යි.
කවියේ මුල, මැද හෝ අග යෙදෙන එළිය හෙවත් එළිසමය සදහා 'වු', 'ව්' සහ 'යි', 'ය්' එකක් අනෙක වෙනුවෙන් යෙදුන ද ඉන් දොසක් ඇති නොවන බව පැරණි කවි සමයේ කියැ වේ.
කවියක අග එළියට පෙර යෙදෙන ලුහු අකුරක් හෝ ගුරු අකුරක් විය හැකි ය. ඒ යෙදෙන අකුර පද හතරේ ම සම ලෙස යෙදිය යුතු ය. ඉන් ඉතා රමණීය ශබ්ද මාදුර්යයක් ලෙබෙ යි.
පෙම් පත පුරා ඇඳි සිතුවම් මැකී ලා
සම්පත ලෙසට ආ කව් සිත බිඳී ලා
පෙම්වත පිදූ මල් පරවී හැලී ලා
මුදු වත දිලුණු සිසිලස ඇයි සිඳී ලා .?
ය - ව - හ - න්
යවහන් දොස් යන නමින් කවි සමයේ යෙදෙන මේ විශේෂ යෙදුම කාව්‍ය කරණයේ දී ඉතා මැනවින් පසක් කළ යුතු වෙ යි. තම වාග් කෝෂයේ පෘතුලත්වය අනු ව යවහන් යෙදුම රදා පවතී. මින් කියැවෙන්නේ ය- ව - හ - න් යන අකුරු හතරෙන් එකකින් කවියේ එග එළියක් යෙදේනම් ඉන් පෙර අකුර ද සමව යෙදිය යුතු ය.
කවිය රුවන් වැකියක් ම ය
කැටිව ගෙනෙන මීරක් ම ය
හදට මහගු ඔසුවක් ම ය
නුවණ ගලන ගඟුලක් ම ය ෴ බණ්ඩාර හේරත්෴
සුපසන් බසින් කී පෙර ඇදුරන් ගුරුව
යවහන් රීති ගෙන දෝතින් ගරු සරුව
දුහුනන් ලෙස නොසිට ඔවදන් මත හුරුව
කිවියන් වෙමු අපිත් හෙළ කව් කෙත සරුව ෴ බණ්ඩාර හේරත්෴
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පර ව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තර ව සිහි ඇති ව පරතෙරට යන අටින්
කර ව පියාසර සකි කොන්තගම් තොටින් ෴ සැළලිහිණි සන්දේශය - 21 පැදිය ෴
'හ' අකුරින් එළිසම කෙරෙන පැදි ඉතා විරල ය. එහෙත් එම යෙදුම හැඳින ගැනීමට විරිත් වැකියේ එන මේ නිදසුන ඊට ප්‍රමාණවත් බව හඟිමි.
සොරකම් කොටැ සිය හ
කව් කළෝ නිඳි විඳිය හ
නොවනුයෙන් ඉන් ය හ
නොහළුවෝ විළි නිකම් සිටිය හ ෴ විරිත් වැකිය ෴
මෙහි දී නිතර නැගෙන ප්‍රශ්නයක් තිබේ. එනම්, යම් හෙයකින් කවියේ මුල හෝ මැද හෝ එළිසම වීමක් යෙදේ නම් එහි දී 'යවහන්' රීතිය බලපැවැත්වෙන්නේද යන්න යි. ඊට දිය හැකි සරල පිළිතුර වන්නේ, එය සිදුවන්නේ කවියාගේ හැකියාව මත වන බව යි. එනම් එය රීතියක් ලෙස නො ගැනෙ යි. 'යවහන්' රීතිය සලකා හෝ නො සලකා හෝ එළිසම කළ හැකි ය.
රුවෙන් ගුණෙන් පිරි මුදු හිත් හින්දා ම
රුවන් විමන් සිරි ගෙන එයි කැන්දා ම
සැපෙන් බෙලෙන් දිරි පෙම් රස වින්දා ම
පහන් තුටින් සරි වෙයි කවි හින්දා ම
(to be continued) අසම්පූර්ණයි.. ෴ බණ්ඩාර හේරත්෴